ස්වාභාවික ආපදා අවම කිරීමට අමෙරිකානු සහාය

(කොළඹ, ලංකාපුවත්) –නිරිත දිග මෝසම් වැසි ඇරඹීමත් සමඟ ඇති විය හැකි ස්වාභාවික ආපදා හානි අවම කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපද රජය දිගින් දිගටම සහය දීමට එකඟ වී ඇති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය කියයි.

මෙරට අමරිකානු තානාපතිනී ඇලයිනා ටෙඩිලිට්ස් මහත්මිය සහ රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අතර පසුගිය 4 වැනිදා එම අමත්‍යංශයේදී මෙම හමුව පැවත්විණි. ආපදා තත්ත්වයකදී රජය මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යවරයා හා අමාත්‍යංශ නිලධාරීන් එහිදී අමරිකානු තානාපතිනිය දැනුවත් කර ඇත.

ශ්‍රී ලංකාවට හිතවත් රටක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය නිරන්තරයෙන් සහායට සිටින බවත් එළඹෙන ඕනෑම ආපදා තත්ත්වයකදී තම රට මෙරට ජනතාවගේ සහායට පැමිණෙන බවත් ඉදිරියේදී ආපදා වෙනුවෙන් දියත්ව ඇති යූඑස්ඒඩ් වැඩසටහන යටතේ සහය ලබා දෙන බවත් ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය එහිදී පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *