(කොළඹ, ලංකාපුවත්) –ඡන්ද පත්රිකාවට නව තීරුවක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් ශෂික පීරිස් මහතා සඳහන් කළේය.
‘කිසිවෙකුත් නැත’ යන තීරුවක් ඡන්ද පත්රිකාවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවත් මෙහිදී යම් ඡන්ද දායකයෙකුට ඡන්දය ප්රකාශ කිරීමේදී ඔහු කැමති අපේක්ෂකයෙකු නොමැති අවස්ථාවක එම තීරුව භාවිතයට ගැනීමට හැකියාව පවතින බවත් හෙතෙම පැවසීය.
සමාජ ජාල සහ විවිධ පුද්ගලයින්ගෙන් ලැබුණු ඉල්ලීම් මත මෙම තීරුව ජන්ද පත්රිකාවේ ඇතුළත් කිරීමට අවධානය යොමු කළ බවත් මේ පිළිබඳව පසුගියදා පක්ෂ ලේකම්වරුන් සමඟ පැවති සාකච්ඡාවේදී ඔවුන් දැනුම්වත් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගත් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අතිරේක මැතිවරණ කොමසාරිස් ශෂික පීරිස් මහතා සඳහන් කළේය.