යාල්දේවියේ ට්‍රක් රථයක් ගැටී හමුදාවේ 5ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ සිට යාපනය බලා ධාවනය වූ යාල්දෙවි දුම්රියේ ඊයේ (25) දහවල් 1.45ට පමණ යුද හමුදා ට්‍රක් රථයක් ගැටීමෙන් යුද හමුදා සාමාජිකයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇත.

කිළිනොච්චි පොලිස් වසමේ ඒ-9 මාර්ගයේ 55 මංසන්ධිය ප්‍රදේශයේදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා මෙම යුද හමුදා ට්‍රක් රථය ගමන් කිරීමට යෑමේදී දුම්රියේ ගැටී ඇත. මියගිය පිරිස හා බරපතළ තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ.

යුද හමුදා ට්‍රක්රථයේ රියදුරු දුම්රිය නොදැකීම නිසා මෙම අනතුර සිදුව ඇති අතර අනතුරට මුහුණදුන් සියලුම යුද හමුදා සෙබළුන් කිලිනොච්චිය යුද හමුදා රෝහලේ රාකාරි නිරත අය බවට හඳුනාගෙන ඇතැයි කිලිනොච්චිය පොලිසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *