(කොළඹ, ලංකාපුවත්) –තමාට අසාධාරණ ලෙස චෝදනා එල්ල කරන බවත් ඇතැම් පිරිස් ගමරාළ යැයි පැවසීය පොඩි මිනිසුන් වෙනුවෙන් තමාට ආඩම්බරයක් බවත් තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වූයේ කිසිදු අයෙකු ආරක්ෂා කිරීමට නොව රටත්, ජනතාවත් ආරක්ෂා කිරීමට බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
මහවැලි ජනපදිකයන් වෙත ඉඩම් ඔප්පු අටදහසක් ප්රදානය වෙනුවෙන් ඊයේ (02) පස්වරුවේ පොළොන්නරුව, සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ඉඩම් ඔප්පු ප්රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
පසුගිය යුගය තුළ සිදුව ඇති වංචා සහ අක්රරමිකතා පිළිබඳ තමා විසින් පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභා මඟින් අනාවරණය කර ඇති සියලු කරුණු ඉදිරියේ දී පාර්ලිමේන්තුවටත්, ජනතාවටත් හෙළි කරන බවත් වංචාව සහ දූෂණය පිටුදැකීමේ දී ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් නීතිය ක්‍රියාත්මක කිරීම තම ප්‍රතිපත්තිය බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. එසේම මෙම සියලු කටයුතු වෙනුවෙන් තමා ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කර තිබෙන බවත් කරුණු නොදැන ඇතැම් පිරිස් තමාට චෝදනා නඟන බවත්, කුමන බාධා හමුවේ වුව ද තම වගකීම රට වෙනුවෙන් ඉටු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. තමා කොමිෂන් සභා ශක්තිමත් කළ බවත් පක්ෂ විපක්ෂ දෙකටම කොමිෂන් සභා ඇතිකළ බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.