අයි.එස්. මර්ධනයට විදෙස් බුද්ධි අංශවල සහය අවශ්‍යයි

(කොළඹ, ලංකාපුවත්) –ISIS ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා වෙනත් රටවල බුද්ධි අංශයන්ගේ සහයෝගය අවශ්‍ය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සදහන් කරයි.

අමාත්‍යවරයා කියා සිටින්නේ අමෙරිකානු එෆ්.බී.අයි ඔත්තු සේවාවේ නිලධාරින් මෙරටට පැමිණ ඇත්තේ අදාල ත්‍රස්තවාදී කටයුතු මැඩපැවැත්වීම සඳහා සහයෝගය පල කිරිමට බවයි.

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරිමේ යෝජනාව සම්බන්ධයෙන් ඊයේ (31) පැවැති විවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *