(කොළඹ, ලංකාපුවත්) –තද සුළං තත්ත්වය හේතුවෙන් හානියට පත්වු නිවාස සඳහා වන්දි ලබා දීමට පියවර ගන්නා බව ආපදා කලමාණාකරන මධ්‍යස්ථානය සදහන් කරයි
පසුගිය දින කිහිපය තුළ නිවාස 2279ක් අර්ධ හානියට පත්ව ඇති අතර ප්‍රදේශයේ ග්‍රාම නිළධාරීවරයා මාර්ගයෙන් වන්දි සඳහා ඉල්ලුම් කළ හැකි බව එම මධ්‍යස්ථානනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මේ අතර ඊයේ(11) රාත්‍රියේ සිට මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වනවිට විවෘත කර තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටින්නේ මෙලෙස ජලාශයේ දොරටු විවෘත කිරීමට හේතුව පවතින වර්ෂාවත් සමඟ කාසල්රී, මාවුස්සාකැලේ සහ ඉහළ කොත්මලේ ජලාශවල ජල මට්ටම් ඉහළ යාම බවයි.