(කොළඹ, ලංකාපුවත්) – කළු ගගේ සහ ගිංගගේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කළුගඟ රත්නපුර ප්‍රදේශයෙන් සහ ගිංගඟ තවලම ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමක් ද මතුව තිබේ.
එබැවින් රත්නපුර සහ තවලම ප්‍රදේශයේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
ඊයේ (29) රාතී‍්‍රයේ වැඩිම වර්ෂාපතනය වාර්තාවී ඇත්තේ කෑගල්ල සහ රත්නපුර දිස්ති‍්‍රක් වලිනි.