(කොළඹ, ලංකාපුවත්) –උතුරු ඉන්දියාවේ ගිනිකෙළි කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 22 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
සිදුවීමෙන් තවත් 15දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ නගරයක පිහිටා තිබූ ගිනිකෙලි කර්මාන්තශාලාවක මෙම පිපිරීම සිදුව ඇත. පිපිරීමත් සමඟ ගඩොල්වලින් තනා තිබූ කර්මාන්තශාලා ගොඩනැගිල්ල ගිනිගෙන ඇති අතර පසුව එය කඩාවැටී ඇත.
කෙසේ නමුත් පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මේ සම්බන්ධ විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙය නිසි බලපත්‍රයක් නොමැතිව වසර ගණනාවක් පැවැති නීති විරෝධී ගිනිකෙළි කර්මාන්තශාලාවක් බවටද මෙම කර්මාන්තශාලාව පිළිබඳ තොරතුරු සදහන් වේ.
මෙම කර්මාන්ත ශාලාවට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කර තිබේ. මීට පෙර 2017 වසරේ දී සිදු වූ පිපිරීමකින් එක් අයෙකු මිය ගිය බව වාර්තා වේ.