(කොළඹ, ලංකාපුවත්) –අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාව කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ(16) මධ්‍යම රාත්‍රී 12.25 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්. 468 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධ නඩුවට අදාළ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කරන ලද අධිකරණ නියෝගයක් මත මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගපූරුවේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බව මීට පෙර වාර්තා වී තිබුණි. කොළඹ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ මේ සම්බන්ධයෙන් පවත්වයි.