(කොළඹ, ලංකාපුවත්) –සැප්තැම්බර් මාසයේදී මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම නිසා ගෑස් මිල අඩුවීමත් සමඟ ඉල්ලුම ඉහළ යෑමත් සැප්තැම්බර් මාසයේ දී සවුදි අරාබියේ ඉන්ධන පිරිපහදුවකට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරය නිසාත් වෙළෙඳ පොළ තුළ ගෑස් හිඟයක් මතු වී ඇතැයි ලිට්රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනය මෙසේය.
saudi Armco පිරිපහදුවට ප්‍රහාරය එල්ල වූ අතර එමඟින් ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් කිහිපයකට ගෑස් බෙදාහැරීම ප්‍රමාද විය.එමෙන්ම දැනට පවතින අයහපත් කාලගුණය නිසා ගෑස් රැගෙන එන නෞකාවලට ලිට්රෝ සමාගමේ පර්යන්ත දෙකට ළඟාවීම දුෂ්කර වී තිබේ. මුහුදේ සිට ගොඩබෑම් කටයුතු කිරීමද කෙතරම් දුරකට මන්දගාමී වී ඇති ද යත් මේ වනවිට ගොඩබෑම් කටයුතු ආරම්භ කරන තෙක් බලා සිටීමට ඇතැම් නෞකා වලට සිදු වී ඇත.පාරිභෝගිකයන් කලබල වී ඉක්මනින් ගෑස් මිල දී ගැනීමට පෙළඹීම, දැනට පවතින ගෑස් හිඟයට ප්‍රධාන හේතුවක් වී ඇත.
සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 900 ත් 950 ත් අතර පැවති ඉල්ලුම මේ නිසා මෙට්‍රික් ටොන් 1300 දක්වා වැඩිවී ඇත. මෙය ගෑස් කර්මාන්තයේ සමස්ත ක්‍රියාවලිය මත අතිරේක පීඩනයක් එල්ල වීමට හේතුවක් වී තිබේ.කෙසේ වුවද ලිට්රෝ ගෑස් ලංකා සමාගම මෙම අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට ගැටලුවකින් තොරව අඛණ්ඩව ගෑස් සැපයීම සඳහා හැකි සෑම පියවරක්ම ගනිමින් සිටී.ගෑස් මිල රු. 1,493 දක්වා පහළ බැසීම නිසා ඊට පෙර ගෑස් භාවිතා කර නොතිබූ පාරිභෝගික පිරිසක් ගෑස් භාවිතයට යොමු වූහ. ඇත්ත වශයෙන්ම වර්තමානයේ පවතින මිල, පසුගිය වසර කිහිපය තුළ වාර්තා වූ අඩුම ගෑස් මිල වේ. මීට පෙර 2016 වසරේදී කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රු. 1,321 ක් දක්වා අඩුකරන ලදි.
මේ ආකාරයේ හේතු රැසක් නිසා මේ වනවිට ශ්‍රී ලංකාවේ LP ගෑස් කර්මාන්තයට බලපෑම් එල්ල වී තිබේ. මේ පසුබිම යටතේ තරගකාරී සමාගම්වල ගෑස් හිඟ වීමෙන් පාරිභෝගිකයන් විශාල පිරිසක් ලිට්රෝ සමාගමේ ගෑස් භාවිතයට යොමු වුණු අතර මෙය ලිට්රෝ සමාගමේ ගෑස් සඳහා ඇති ඉල්ලුම තවත් ඉහළ යාමට හේතු විය. කෙසේ වුවද ලිට්රෝ ගෑස් ලංකා සමාගම මෙම අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට ගැටලුවකින් තොරව අඛණ්ඩව ගෑස් සැපයීම සඳහා හැකි සෑම පියවරක්ම ගනිමින් සිටී.