රාජ්‍ය ආයතන සඳහා පුද්ගලයින් පත් කිරීමට ජනපති උපදෙස් පරිදි 6කගේ කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි රාජ්‍ය ආයතන සඳහා දක්ෂ සහ සුදුසුකම් සහිත වෘත්තියවේදීන් පත් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති කාර්යාල වෘත්තිකයන් 6 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.

හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම්වරයෙකු වන සුමිත් අබේසිංහ එහි ප්‍රධානත්වය දරනු ලබයි.

එමෙන්ම එම කමිටුව සුසන්ත රත්නායක, ආචාර්ය නාලක ගොඩහේවා, ඩයස් ගෝමස්, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත වේ.

ලබන මස 18 වනදාට පෙර රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වානිජ ව්‍යාපාර සඳහා සුදුසුකම් ලත් වෘත්තිකයින් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරන ලෙසටද ජනාධිපති කාර්යාලය කමිටුව වෙත දැනුම්දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *