(කොළඹ, ලංකාපුවත්) – හම්බන්තොට දිසිත්රික්කය ඉදිරියේදී හරිත නගරයක් ලෙස සංවර්ධනය කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කරයි.
හම්බන්තොට දිස්ත්රික්කයේ ඉදිරි සංවර්ධන වැඩපිළිවල සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්රීවරයා මේ බව පැවසීය.
එසේම අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටුවලට සුර්ය බලශක්තියෙන් විදුලි උත්පාදනය කිරීමට පියවර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දී ඇත. හම්බන්තොට මාර්ග දෙපස සීමාවන් ලකුණු කර දුනහොත් මාර්ග දෙපස පැල සිටුවීමේ වැඩපිළිවෙලකට ද යොමු වීමට නියමිතය. දැනට තරුණ තරුණියන් බොහෝ පිරිසක් චිත්ර අදින උනන්දුවම හරිතකරණ වැඩපිළිවෙලක් සදහා යොමු කිරීමත් වැදගත්වන බව මෙහිදී වැඩිදුරටත් නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා කියා සිටියේය.