කළු කොටි ආරක්ෂාකර ගැනීමට සියලු දෙනා දායක විය යුතුයි

(කොළඹ, ලංකාපුවත්) –මධ්‍යම කදුකරයෙන් හමුවූ කළු කොටි ආරක්ෂාකර ගැනීමට සියලු දෙනා දායක විය යුතු බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම සතුන්ගේ දෛනික දිනචර්යාවට බාධා නොවන ආකාරයෙන් හැසිරීමත් මූලික අවශ්‍යතාවකි. මෙරට ජීවත්වන කොටියා ශ‍්‍රී ලංකාවට ආවේණික උප විශේෂයක් ලෙස සැලකේ.

කළු කොටින් ජීවත්වන පරිසරයේ පවතින අදුරු ස්වභාවය හා අඩු උෂ්ණත්වය නිසා වර්ණ ප‍්‍රභේදයක් ඇතිවී තිබෙන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේය.

පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා පවසන්නේ ට්‍රිපිකල් එකෝ සිස්ටම් රිසර්ච් ආයතනයෙන් පරීක්ෂණ කටයුත සඳහා ලබාදුන් කැමරා ඇතුළු තාක්ෂණික උපකරණ භාවිතයෙන් මෙම සොයා ගැනීම සිදුකළ බවයි. දැනට ශ්‍රී ලංකාවේ ස්ථාන හයක පමණ කළු කොටි සිටිය හැකි යැයි වාර්තා වී ඇතත් මෙතෙක් පැහැදිලි සාක්ෂියක් ලෙස හමුවී ඇත්තේ මෙම කොටි ධේනුව පමණි.

ශ්‍රී ලංකාවේ පමණක් දැකිය හැකි පැන්තරා පාඩුස් කොටියා නමැති කොටි උප විශේෂය මෙරටට ආවේණික අතරම ජීවත්වන අතර මේ දක්වා ඉතිරිව ඇත්තේ ඉතා සීමිත ගහනයකි. එම සතුන් අතර වර්ණ ප්‍රබේදයක් වන කළු කොටියා ඉතාමත් සීමිත බැවින් මෙය ලෝක වනජීවී ක්ෂේත්‍රයේ ඉතා අද්විතීය සොයා ගැනීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *