(කොළඹ, ලංකාපුවත්) –ටයිටැනික් නෞකාවේ සුන්බුන් ආරක්ෂා කිරීම සඳහා අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ගිවිසුමකට අත්සන් තබයි.
ජීවිත 1500 ක් පමණ විනාශ කරමින් ටයිටැනික් නෞකාව උතුරු අත්ලාන්තික් සාගරයේදී අයිස් පරයක ගැටී විනාශ වූයේ 1912 වසරේදීය. එම සාගර පතුලේ මෙම නෞකාවේ සුන්බුන් ඇත.
එම සුන්බුන් නැරඹීමට පැමිණෙන සංචාරකයින් අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් නෞකාවේ සුන්බුන් ආරක්ෂා කර ගැනීම අපහසුවී තිබේ. මෙම සුඛෝපභෝගී නෞකාව අනතුරට ලක්වන විට මගීන් සහ කාර්ය මණ්ඩලය 2229 දෙනෙකු සිටි බව සඳහන් වේ.