විහාරාධිපති ස්වාමීන් වහන්සේලාට සාම විනිසුරු තනතුරු

(කොළඹ, ලංකාපුවත්) – ගමත් පන්සලත් යාකරන පාලමක් නිර්මාණය කිරීම සදහා සෑම විහාරස්ථානයකම ගෞරවණිය විහාරාධිපති ස්වාමීන් වහන්සේලාට සාම විනිසුරු තනතුරු ලබාදීමට තීරණය කර ඇතැයි අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පළ කළේ සාම විනිසුරුරු පදවි 750 ක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ(23) බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී එක්වෙමිනි.

අමාත්‍යවරයා එහිදී මෙසේ ද සදහන් කළේය.

“විශේෂයෙන් සාම විනිසුරු තනතුර තුළින් ද සමාජය විනය ගරුක රටක් බවට පත් කළ හැකියි. ඒ සදහා අද දින සාම විනිසුරු තනතුරු ලබන ඔබ කටයුතු කළ යුතුයි. ඒ සදහා තම ගමට ප්‍රදේශයට නායකත්වය ලබා දීමේ වගකීම ඔබට තිබෙනවා.මෙම තනතුර දරන ලද පුද්ගලයින් අතීතයේ මෙම තනතුරේ ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කළා සේ ඔබත් කටයුතු කළ යුතුයි. සාම විනිසුරු තනතුර කියන්නේ රැකියාවක් හෝ වෘත්තියක් නොවෙයි.මෙය ගරු සේවයක් බවට මතක තබා ගත යුතුයි.අතීතයේ සිටි ඇතැම් සාම විනිසුරුවරුන් මේ තනතුරේ ගෞරවය විනාශ කළ ආකාරයත් වාර්තා වෙලා තිබෙනවා.ගමත් පන්සලත් යා කරන පාලමක් නිර්මාණය කිරීම සදහා සෑම විහාරස්ථානයකම ගෞරවණිය විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සදහා සාම විනිසුරු තනතුරු ලබාදීමට තීරණය කර තිබෙනවා.ගමත් පන්සලත් අතර පමණක් නොවෙයි පන්සල පල්ලිය කෝවිල කියන මේ සියලු ආගමික ස්ථාන කේන්ද්‍ර කරගත් සමාජීය පරිවර්තනයක් කළ යුතු යුගයකට රට යා යුතු බවද අමාත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *