මානව හිමිකම් සැසියේදී ලෝකයාට සත්‍ය හෙළි කරන්න ලැබීම සතුටක්

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට සහභාගී වී ලෝ වැසි රටවල්වල නායකයන් ඉදිරියේ සත්‍ය හෙළි කරන්නට ලැබීම සතුටක් බව විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි නියෝජිත ආයතනවල සහය ඇතිව අඛණ්‍ෙව කටයුතු කිරීමෙන් තිරසර සාමය සහ සංහිඳියාව උදෙසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ වගවීම් හා මානව හිමිකම් සාක්ෂාත් කර ගැනීමට ආණ්ඩුව තව දුරටත් කැප වන බව ද ඇමැතිවරයා පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට සහභාගි වූ අැමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මෙරට දූත කණ්ඩායම දිවයිනට පැමිණිමෙන් අනතුරුව කොළඹ 07 ධර්මායතනයේ ආගමික වතාවන්වලට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙරේදා (29) ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

අසත්‍යය පදනම් කර ගෙන අප රටට එල්ල කරන ලද චෝදනාවලට හවුල්කාරීත්වය සහ සමඅනුග්‍රාහකත්වය දක්වමින් පසුගිය ආණ්ඩුව ගෙන ගිය දේශද්‍රෝහී පිළිවෙත හෙළිදරව් කරන්නට මෙහිදී අවස්ථාව උදා වු බව කී ඇමැතිවරයා, ජීවිත පූජාවෙන් රට රැක ගත් රණවිරුවන්ට කරන ලද බොරු චෝදනා වසර ගණනාවකට පසු ඔවුන් ඉදිරියේම ප්‍රතික්ෂේප කරන්නට මෙම සැසිවාරයේ දී හැකියාව ලබුණු බව ද කීවේය.

මේ දේශද්‍රෝහී අනුග්‍රාහකත්වයෙන් අප ඉල්ලා අස්වීමත් සමඟ රටවල් රැසක සහය හා ආශිර්වාදය අපට ලැබුණු බවත් සුළු පිරිසක් විසින් මිත්‍යා සංඛ්‍යා ලේඛන පදනම් කර ගෙන ඉදිරිපත් කළ යෝජනාවල සාවද්‍යභාවය කොමිසමේ මුලික ප්‍රඥප්තියට පවා පටහැනි බව පළමු වතාවට එම කොමිසම හමුවේ පෙන්වා දෙන්නට ශ්‍රී ලංකාවට හැකි වීම ජයග්‍රහණයක් බව ද ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *