(කොළඹ, ලංකාපුවත්) – මෙරට විශ්ව විද්‍යාලයකට අනුබද්ධව පිහිටවු ප්‍රථම විශ්ව විද්‍යාල තාක්ෂණ පීඨය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෝමගම පිටිපනදී ලබන 16 වැනිදා විවෘත වේ.
ඒ නිමිත්තෙන් සංවිධාන කල ඉමෝටෙක් 2020 තාක්ෂණවේද ප්‍රදර්ශනය හෝමාගම පිටිපන නවෝත්පාදන නගරයේදි හෙට (11) විවෘත කෙරේ. එය ලබන සෙනසුරාදා දක්වා දිනපතා පෙරවරු 9.00 යේ සිට රාත්‍රි 10.00 දක්වා ජනතාවට නොමිලේ නැරඹිය හැකිය.
මෙවැනි ප්‍රදර්ශනයක් ශ්‍රි ලංකාවේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. පාසල් පර්යේෂණායතන හා විශ්ව විද්‍යාල මට්ටමින් සිදුකෙරෙන පර්යේෂණ හා නව සොයාගැනිම් පිළිබදව ප්‍රදර්ශනයේදි දැකගත හැකිය. නව සොයාගැනිම් එලිදැක්වීම ද ප්‍රදර්ශනයේ අරමුණකි.
පාසල් 400 ක විශ්ව විද්‍යාල 15 ක සහ පර්යේෂණායතන රැසක් නව නිපයුම් 1500 ක් පමණ එහිදි එළිදැක්වෙනු ඇතැයි සදහන්වේ. වානිජ ආයතනවලට නව නිපැයුම් වානිජ මට්ටමින් වැඩිදියුණු කිරිම සදහා ගිවිසුම්ගත වීමට ද එහිදි අවස්ථාව උදාවේ. ත්‍රිවිධ හමුදාව හා පොලිසියද ප්‍රදර්ශනයට එක්වේ.