(කොළඹ, ලංකාපුවත්) – හෙට(14) සිට සති දෙකක කාලයක් සඳහා දිවයිනේ සියලු විශ්ව විද්‍යාල වසා තැබීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කරයි.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම පියවර ගත් බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේය.
සියලුම රජයේ පාසල් ද අද(13) සිට වසා දැමීමට රජය ඊයේ තීරණය කළේය. එසේම දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් ද අප්‍රේල් මස 26 වනදා දක්වා වසා තැබීමට තීරණය කර ඇති අතර මීට අමතරව සියලුම පෞද්ගලික සහ අගරදගුරු යටතේ පවතින ජාත්‍යන්තර කතෝලික පාසල් ද හෙට සිට අප්‍රේල් මස 20 වනදා දක්වා වසා තැබීමට ඊයේ තීරණය කළේය.