රොනාල්ඩෝ CR7 හෝටල් ජාලය තාවකාලික රෝහලක් කරයි

(කොළඹ, ලංකාපුවත්) – නව කොරෝනා වෛරසය, ලොව ක්‍රීඩා ක්ෂේත්‍රයටත් දැඩි බලපෑම් එල්ල කරද්දී ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෛරසය ආසාදිතවූවන් වෙනුවෙන් තැබූ පියවරක් පිළිබඳ අද වාර්තා විය.

මින් පෙර ද ඔහු පිළිබඳ කතාබහක් මතු වුණේ ස්වයං නිරෝධායනයට ලක් වී ලොවට ආදර්ශයක් දීම හේතුවෙනි.

ලෝ සුපතළ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට අයත් පෘතුගාලයේ අධි සුඛෝපභොගී හෝටල් ජාලයක් වන පෙස්ටානා CR7 හෝටල් ජාලය තාවකාලික රෝහලක් ලෙස පරිවර්තනය කර තිබේ.

ඒ කොවිඩ් 19 වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහායි.

එමෙන්ම එහි සේවයට යොදා ගැනෙන වෛද්‍ය කණ්ඩායම් සඳහා සියලු ගෙවීම් තම පෞද්ගලික ධනයෙන් සිදු කිරීමටත් ඔහු අදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෘතුගාලයෙන් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 169 දෙනෙක් හඳුනාගෙන ඇති අතර කිසිදු මරණයක් මෙතෙක් වාර්තා වී නැත.

මේ අතර 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ඉදිරි කටයුතු සැලසුම් කළ ලෙස සිදු කෙරෙන බව ජපාන අගමැති ෂින්සෝ අබේ පවසයි.

ජපානය තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීමට තරම් වාතාවරණයක් උද්ගත වී නොමැති බව අගමැතිවරයා පවසන්නේය.

එමෙන්ම ලෝක ශූරතා ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ බහරේන් සහ වියට්නාම් අදියර මැයි මාසය තෙක් කල් දැමීමටද තරග සංවිධාකයින් තීරණය කර තිබේ.‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *