ලොවපුරා කොරෝනා මරණ 6,500 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසයෙන් යුරෝපයේ දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඉකුත් පැය 24 තුළ වාර්තා වී තිබේ.

ඒ අනූව ඉතාලියේ 368 දෙනෙකු මියගොස් ඇත්තේ සමස්ථ සංඛ්‍යාව 1,809ක් බවට පත් කරමින්ය. මීට අමතරව ස්පාඤ්ඤය සහ ප්‍රංශයේ ද මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඉකුත් පැය 24 තුල ස්පාඤ්ඤයේ මරණ 97ක් වාර්තා වී ඇති අතර සමස්ථ සංඛ්‍යාව 288කි. ප්‍රංශයේ ද සමස්ථ මරණ සංඛ්‍යාව 120ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ නව මරණ 29ක් සිදුවීමත් සමගය. මෙම තත්වය උද්ගතවීමත් සමග යුරෝපා රටවල බලධාරීන් තීරණය කර ඇත්තේ තවදුරටත් වෛරසය මැඩපැවැත්වීමේ නීති හා දේශසීමා ආරක්ෂක විධිවිධාන තර කිරීමටය.

කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා මියගිය සංඛ්‍යාව 6,500 ඉක්මවන අතර ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ හැටනව දහසකට අධිකය.

රටවල් 150කට අධික සංඛ්‍යාවක ව්‍යාප්තව ඇති වෛරසයෙන් සුවය ලැබූ පිරිස හැත්තෑ හත් දහස ඉක්මවීම ද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *