(කොළඹ, ලංකාපුවත්) – මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ජාවක් අද (25) පැවැත්වේ. ජන්දය ප්‍රකාශ කිරිමේ කාලය පිලිබදව එහිදී අවධානය යොමු වනු ඇත.
රැස්වීමෙන් අනතුරුව ඒ පිලිබදව නිශ්චිතව තීරණයකට එලඹීමට නියමිත බව කොමිසම සදහන් කළේය.
මේ අතර දිස්ති‍්‍රක් 16ක ජන්ද පති‍්‍රකා මැතිවරණ කොමිසමට ලබාදී ඇති බව රජයේ මුද්‍රණාලය සදහන් කළේය. ලබන සෙනසුරාදා වන විට තවත් දිස්ති‍්‍රක් දෙකක ජන්ද පති‍්‍රකා ලබාදීමට කටයුතු යොදා තිබේ.
එසේම මැතිවරණය පැවැත්වීමේදී සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කර තිබෙන කොවිඩ් මාර්ගෝපදේශ නීතියක් බවට පත් කිරිමේ ගැසට් නිවේදනය අද නිකුත් කිරිමට අපේක්ෂා කරන බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.