(කොළඹ, ලංකාපුවත්) – දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් ගෙන දෙන ඇතැම් ක්‍රීඩා උත්සව සංවිධානය කිරීමේදී තමා ගැන රටේ ජනතාව වැරැදි කෝණයෙන් බැලූ බව අභිනවයෙන් තේරී පත්වූ ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
තමන් ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩාවට පමණක් නොව රටේ සියලුම ක්‍රීඩා පිළිබඳ වග කියන ඇමැතිවරයා බැවින් ක්‍රීඩා සංවිධාන සහ බලධාරීන් වහාම කැඳවා ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ගත යුතු අනාගත ක්‍රියාමාර්ග මොනවාදැයි යෝජනා ගෙන්වා ගෙන ඒවා පිළිබඳ සොයා බලන බව ද ඔහු කීවේය.
මේ අතර රටේ ප්‍රමුඛත්වය දිය යුතු ක්‍රීඩා මොනවාදැයි තෝරාගෙන ඒවා දියුණු කිරීමට ද කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.
විනෝදාස්වාද ක්‍රීඩා, වෘත්තීය ක්‍රීඩා, ක්‍රීඩා විනෝදාස්වාදය සහ අලුතෙන් හඳුන්වාදෙන ඊ ක්‍රීඩා යනුවෙන් රටේ ක්‍රීඩාවේ මූලස්ථමභ හතරක් ඇති බවත්, මේ ඉසව් හඳුනාගෙන ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගෙනහැර දැක්වීමටත්, රට නියෝජනය කිරීමටත්, ක්‍රීඩා ඉසව් හරහා ආදායම් උත්පාදනය කිරීමටත්, තාක්ෂණය පදනම් කරගෙන අන්තර්ජාලය හරහා නව ක්‍රීඩා ඉසව් ජනනය කිරීමටත් කටයුතු කරන බව ද ඔහු පැවැසීය.