(කොළඹ, ලංකාපුවත්) – වසර 8 ක කාලයක සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම් සිදුකර නොමැති බවත්, පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කර ක්ෂේත්රයේ ප්‍රවර්ධනයට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට දැනුම් දෙයි.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ වී හා ධාන්‍ය, කාබනික පොහොර, එළවළු, පළතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය සහ බීජ නිෂ්පාදනය මෙන්ම උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලැස්ම පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ (24) පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි.
කොවිඩ් වසංගතය නිසා බිඳ වැටෙමින් පවතින සෙසු රටවල ආර්ථිකයන් නිරීක්ෂණය කොට දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් ඉතා වැදගත් වේ.
බීජ සහ පැළ නිෂ්පාදනය, පොහොර භාවිතය, කෘෂි නවෝත්පාදන පර්යේෂණ, ගබඩාකරණය සහ ප්‍රවාහනය යන සියලු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමුකරමින් ඉදිරි දෙවසරේදී අභියෝගගත ඉලක්ක සපුරාගත යුතුය.
මෙරට වාර්ෂික අර්තාපල් අස්වැන්න ටොන් 80,000කි. පාරිභෝගික අවශ්‍යතාව ටොන් 2,50,000ක් වේ. අර්තාපල් ආනයනය නොකර දේශීයව අවශ්‍යතාව සපුරා ගැනීමට ගොවීන් දිරිමත් කිරීම අනිවාර්යයෙන් කළ යුතුය.
ඉහළ තාක්ෂණයක් යටතේ දෙමුහුන් බීජ සහ පැළ, ගොවීන්ට බෙදාදී ඉලක්කකය ජය ගැනීමටත්, වෙනත් ආදේශක අල වර්ග පාරිභෝජනයට දිරි ගැන්වීමෙන් අර්තාපල් ආනයනය සීමා කිරීමටත් හැකි බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. ලබන වසරේදී බඩඉරිඟු නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත තත්වය අත්කර ගැනීමට හැකියාව ඇතැයිද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
බීජ සහ පැළ නිෂ්පාදනයට නූතන තාක්ෂණය උපයෝගි කරගත යුතු අතර, ඊට අවශ්‍ය පර්යේෂණ සිදු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නෙමි.
ගබඩාකරණයේදී සහ ප්‍රවාහනයේදී වන හානිය මගහරවා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශයට අයත් නිලධාරීහූ සහ ගොවි සංගම් සහ කෘෂි ව්‍යාපාර ආයතන නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.