අගමැති මහින්ද, ඉන්දියාවට ශෝකය ප්‍රකාශ කරයි

(ලංකාපුවත් | කොළඹ) – ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත්ගේ අභාවය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත සිය ශෝකය ප්‍රකාශ කළේය.

කීර්තිමත් යුධ සෙනවියකුවන ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත්,ඔහුගේ බිරිඳ මධුලිකා රාවත් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 11 දෙනෙකු ඊයේ දිනයේ දී හෙලිකොප්ටර් අනතුරකින් මියයෑම පිළිබඳව ඉන්දීය රජයට සහ ජනතාවට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ජෙනරාල් බිපින් රාවත්, ඔහුගේ බිරිඳ සහ අනෙකුත් කාර්ය මණ්ඩලය තමිල්නාඩුවේ දී මෙම ඛේදජනක හෙලිකොප්ටර් අනතුරට ලක්වූහ.

මෙම වියෝවෙන් ශෝකයටපත් මියගිය සියලු දෙනාගේ පවුලේ සාමාජිකයන් සහ ඥාතීන් වෙත ශ්‍රී ලංකා රජය සහ ජනතාව තමන් සමඟ සිය සාතිශය සංවේගය පළකරන බවද අග්‍රාමාත්‍යතුමා පැවසීය.

ඉන්දු-ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා ඉමහත් දායකත්වයක් ලබා දුන් සුවිශේෂී මිතුරෙකු ලෙස ජෙනරාල් බිපින් රාවත්ගේ මතකය දිගුකල් රැඳෙනු ඇති බව ද අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *