(කොළඹ, ලංකාපුවත්) –කොච්චිකඩේ කොල්ලකෑමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිඟන්නෙකු මහරගම, පමුණුව ප්රදේශයේ පදිංචි කෝටිපතියෙකු බව හඳුනාගෙන තිබෙන බවට වාර්තා වේ.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අසල හිඟමනේ යෙදී සිටියදී මෙම පුද්ගලයා පලතුරු කරත්තයක් සොරකම් කර ඇති බව සදහන් වේ.
පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ 64 හැවිරිදි මෙම පුද්ගලයා පදිංචිව සිටින්නේ දෙමහල් නිවසක බවත් එහි ඉහළ කොටස කුලී පදනම මත ලබා දී ඇති බවයි.
පුද්ගලයාගේ නිවසේ තිබී හයිබ්රිඩ් වර්ගයේ මෝටර් රථයක් සහ තවත් සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙම පුද්ගලයා හිඟමනෙන් දෛනික ආදායම රුපියල් 5,000 ක් පමණ උපයන බවත් වාර්තා වෙයි.
කෙසේ වෙතත් යාචකයාගේ බවට සඳහන් වුණු මෝටර් රථය, සුඛෝපභෝගී මෝටර් රථය සහ සුඛෝපභෝගී නිවස එම යාචයාගේ සහෝදර ස