HNB සමූහය පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 5.5ක බදුපසු ලාභයක් වාර්තා කරයි

(කොළඹ, ලංකාපුවත්) – HNB සමූහය කොවිඞ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ පෙර නොවූ විරූ බාධා මධ්‍යයේ 2020 පළමු අර්ධය සඳහා 2019 එම කාලයට සාපේක්ෂව 6.8%කින් වැඩි වී රුපියල් බිලියන 5.5ක බදුපසු ලාභයක් සහ හැටන් නැෂනල් බැංකුව පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව රුපියල් බිලියන 4.5ක් වාර්තා කරමින් ක්ෂේත‍්‍රයේ ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කිරීමට සමත්ව ඇත.

’‘කොවිඞ්-19 වසංගතය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව පෙන්වූ කාර්යසාධනය විශිෂ්ටයි. එයින් ඇති වූ සෞඛ්‍යමය බලපෑම බොහෝ දුරට පාලනය කළ හැකි වුවත් වසංගතයෙන් ඇති වූ ආර්ථික බලපෑම ඉදිරියේදී අභියෝගයක්ව පවතිනු ඇත. මෙවැනි ආර්ථික අභියෝගයන් හමුවේ ආර්ථික ක‍්‍රියාකාරකම් යථා තත්වයට පත් කිරීම සඳහා මුදල් ප‍්‍රතිපත්තිය ඵලදායී ආකාරයෙන් ලිහිල් කිරීමත් ණය පමා සහන දීර්ඝ කිරීම ආදිය මඟින් වසංගතයෙන් විපතට පත් වූවන්ට සහාය වීමටත් රජය විසින් එඩිතර පියවරයන් ගනු ලැබුවා. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, කොවිඞ්-19 වසංගතය ගෝලීය වශයෙන් පාලනය කරන ආකාරයත් සමඟ මධ්‍ය කාලීන ආර්ථික ප‍්‍රකෘතිය සහසම්බන්ධ වනු ඇත.’’ යනුවෙන් මේ පිළබඳව අදහස් දක්වමින් HNB හි සභාපති, දිනේශ් වීරක්කොඩි මහතා පැවසුවේය.

’‘බැංකුවේ අඩු පොළී අනුපාතයේ ප‍්‍රතිඵලයක් ලෙස, ණය සඳහා වූ ඉල්ලූම අඩු වීම හේතුවෙන් මූලික ණය දීමේ අනුපාතය (AWPLR) 2019 දෙසැම්බර් මස සිට පදනම් ලක්ෂ 130කින් අඩු වූ අතර ඒ අනුව මේ වසරේ පළමු අර්ධයේ පොලී ආදායම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 8.8%කින් අඩු වී රුපියල් බිලියන 53.8ක් විය. පොළී වියදම ද 2019 ට සාපේක්ෂව 5.2%කින් අඩු වී රුපියල් බිලියන 15.8ක් වූ අතර ශුද්ධ පොළී ආදායම (NII) 2019 ට සාපේක්ෂව 13.3%කින් අඩු වී රුපියල් බිලියන 22.4ක් විය.

වසංගතයේ ප‍්‍රතිඵලයක් ලෙස, ජීවන රටාවේ ඇති වූ වෙනස්කම් හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා වන සීමාවන් සමස්ත අපනයනවල පහත වැටීම හා කාඞ්පත් වියදම් සැලකිය යුතු ලෙස අඩු වූ අතර ශුද්ධ ගාස්තු ආදායම පසුගිය වසරට සාපේක්ෂව 22.2%කින් අඩු වී රුපියල් බිලියන 3.5ක් විය. කෙසේ වෙතත්, ඩිජිටල් බැංකු සේවා සඳහා ඇති ඉල්ලූම ප‍්‍රබල ලෙස ඉහළ යාම නිසා ඩිජිටල් සේවාවලින් ගාස්තු වැඩි කිරීමට හැකි විය.

මේ අතර, හුවමාරු ප‍්‍රමාණය හා වාරික අඩු වීමත් සමඟ විනිමය අනුපාත චලනයන් තුළින් 2019 පළමු අර්ධයේ ලබා ගත් රුපියල් මිලියන 577.2 අලාභයට සාපේක්ෂව මෙම වර්ෂය තුළ රුපියල් බිලියන 1.5ක විනිමය වැඩි වීමක් ලබා ගැනීමට සමත්ව ඇත.

’‘කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානමත් සමඟ මෙම අලූත් තත්වයට අනුකූලව අපගේ ප‍්‍රමුඛතාවන් නැවත සිතා බැලීමට හා මෙහෙයුම් නැවත සකස් කිරීමට අපට ඉක්මනින් ක‍්‍රියාත්මක වීමට සිදු වුනා. ඒ අනුව, අපගේ ප‍්‍රධාන අවධානය යොමු වූයේ අපගේ කාර්ය මණ්ඩලය හා ගනුදෙනුකරුවන් සඳහා උපරිම සෞඛ්‍ය හා ආරක්ෂිත ක‍්‍රියාමාර්ග සහතික කරමින් බැංකුවේ ස්ථාවරත්වය පවත්වා ගැනීම හා ඩිජිටල් හා තාක්ෂණික පරිවර්තනය කරා අප යන ගමන වේගවත් කරමින් අවශ්‍යතා ඇති ගනුදෙනුකරුවන්ට සහාය වීමටයි.

පද්ධතිමය වශයෙන් වැදගත් (D-SIB) වගකිවයුතු දේශීය බැංකුවක් ලෙස, HNB කොවිඞ් වසංගතය හේතුවෙන් ආර්ථිකමය වශයෙන් පීඩාවත් පත් ගනුදෙනුකරුවන් 80,000කට වැඩි සංඛ්‍යාවකට පසුගිය මාස කිහිපය තුළ ණය පමා සහන ලබා දීමෙන් සහාය වී ඇත. එමෙන්ම, HNB ශ්‍රී ලංකා මහ බැංකුවේ කොවිඞ්-19 ණය යෝජනා ක‍්‍රම යටතේ මෙන්ම තමන්ටම අයත් රුපියල් බිලියන 5ක කොවිඞ් සහන අරමුදල හරහා කොවිඞ් වසංගතයෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය ලබා දීමට කාරක ප‍්‍රාග්ධන ණය පහසුකම් ද සපයා දී ඇත.

‘‘කොවිඞ් lockdown කාලපරිච්ෙඡ්දය පුරාවට අපගේ SOLO, MoMo සහ IPG ඩිජිටල් ගෙවීමේ සේවා හරහා බැංකුවේ ගනුදෙනුකරුවන්ට මෙන්ම වෙළෙඳභවතුන්ට ද බාධාවකින් තොරව ගනුදෙනු කටයුතු කිරීමට අප සහාය ලබා දුන්නා. ඒ වගේම, අප තවත් පියවරක් ඉදිරියට තබමින් 2020 මැයි මාසයේදී ඕනෑම ව්‍යාපාරයකට පහසුවෙන් හා ඉක්මනින් අඛණ්ඩව e-commerce හැකියාවන් පිහිටුවීමට හැකියාව ඇති AppiGo නම් විප්ලවීය අන්තර්ජාල භාණ්ඩ හා සේවා විකුණුම් වේදිකාව ද හඳුන්වා දුන්නා. තවද, පහසුවෙන් හා වේගයෙන් හැසිරවිය හැකි අපගේ නවතම ගෙවීම් යෙදවුම වන HNB SOLO අමතර විශේෂාංග සමඟ වැඩි දියුණු කළ අතර අගෝස්තු මසදී, අපගේ ගනුදෙනුකාරභවතුන්ට වඩා උසස් බැංකු සේවා අත්දැකීමත් ලබා දීමට හැකි වන පරිදි අපගේ ප‍්‍රධාන බැංකු පද්ධතිය Finacle හි නවතම ස්වරූපයට යාවත්කාලීන කිරීමට අපට හැකි වුනා,’’ HNB කළමනාකාර අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා පැවසුවේය.

HNB සමූහය 2020 පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 5.5ක බදුපසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇතx සමූහයේ ලාභය 2019 එම කාලයට සාපේක්ෂව 6.8%කින් වර්ධනය වීමට ප‍්‍රධාන ලෙස හේතු වූයේ ඇක්විටි පාර්ට්නර්ස් (Acuity Partners) සමාගමේ ආයෝජන බැංකුවේ ප‍්‍රධාන බෙදාහැරීම් අංශය සහ HNB ඇෂුවරන්ස් සමාගමේ ශක්තිමත් කාර්යසාධනයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *