(කොළඹ, ලංකාපුවත්) – ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් සරල විනිවිදභාවයකින්යුතු හා කාර්යක්ෂම බදු ක්‍රමයක් හඳුන්වාදීම සඳහා බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීමටත්, එම පනත් රජයේ ගැසට් පත්‍රයේ පළකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ,කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
මුදල් ඇමැතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම යෝජනාව කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කර ඇත.
ඒ අනුව , 2009 අංක 9 දරන ජාතිය ගොඩනැඟීමේ බදු පනත, 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත, 2011 අංක 18 දරන වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත, 2018 අංක 35 දරන මුදල් පනත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
එමෙන්ම 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත,2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය කෙටුම්පත් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ඉදිරිපත් කරන ලද යෝජනාවට ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.
අද (27) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් බලශක්ති ඇමැති සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවැසුවේ ආර්ථික පුනර්ජීවයට අත්‍යවශය කරුණු කිහිපයක් ඇතුළුව සරල බදු ක්‍රමයක් රටට හඳුන්වා දීමට රජය කටයුතු කර ඇති බවයි.
පාරිභෝගිකයන් ,වැඩකරන ජනතාව ව්‍යවසායකයන් සහ බදු ගෙවන ප්‍රජාව ඇතුළු ආර්ථිකයේ සියලුම පාර්ශවකරුවන්ට සරිලන අයුරින් සරල විනිවිද භවයෙන් යුතු සහ කාර්යක්ෂම බදු ක්‍රමවේදයක් හඳුන්වා දීම ට ජනාධිපතිතුමන් ඉදිරිපකළ යෝජනාවක්අනුව 2019 නොවැම්බර් මස 27 කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දුන්නා.
එසේම නිෂ්පාදන කටයුතු සහ සේවා නියුක්තිය කෙරෙහි කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ඇතිවී ඇති අහිතකර ප්‍රති විපාක අවම කිරීම සඳහා අඩු ආදායම් ලාභීන් ,ව්‍යවසායකයන් ක්ෂුද්‍ර ,කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ,සංචාරක ක්ෂේත්රයේ නියැලෙන්නන් සහ ගොවීන් ඇතුළු අාර්ථිකයේ සියලුම පාර්ශවයන්ට රාජ්‍ය මූල්‍ය හා මුදල් උත්ප්‍රේරණ ලබා දීමට රජය පියවර ගෙන තිබෙනවා.ව්‍යවසායකයින් මත පැටවී ඇති මූල්‍ය බර ලිහිල් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය වෙළෙඳපොලේ ද්‍රවශීලතාව ඉහළ නැංවීමටද පියවර ගෙන තිබෙනවා.’යැයිද ඇමැතිවරයා කීය.