(කොළඹ, ලංකාපුවත්) – සයුර මැදදී හිංසනයට ලක්වූ මාතර මිරිස්ස ප්‍රදේශයයේ පදිංචි 16 හැවිරිදි පිරිමි දරුවාගේ වර්තමාන තත්වය සොයාබැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඊයේ(01) එම නිවසට පැමිණියේය. ඒ සඳහා කොටවිල පොලිසියේ ස්ථානාධිපතිතුමන් ඇතුළු නිලධාරීන් ද සභාගී විය.
හිංසනයට ලක්වූ දරුවා ඇතුළු එම පවුලේ සාමජිකයන් මුහුණ දී සිටින ආර්ථික අපහසුතා ද මෙම ඛේදනීය සිදුවීමට එක් හේතුවකි. ඒ අනුව මෙවන් සිදුවීම් වලදී නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද පීඩාවට වූ පවුලට ආර්ථිකමය සවියක් වීමේ අවශ්‍යතාවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.
ඒ අනුව මේවන විටත් දරුවාගේ මවට ස්වයං රැකියාවක නිරතවීමට අවශ්‍ය පහසුකම් සැපයන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. කවර ආර්ථික අපහසුතා තිබුණද දරුවන්ට සිය ළමා කාලය අහිමි කිරීමට වැඩිහිටියන්ට අයිතියක් නොමැත.
අමාත්‍යවරයා මීට පෙර මෙම දරුවාගේ නිවසට පැමිණි අවස්ථාවේ පොරොන්දු වූ පරිදි එම පවුලට ජීවත් වීමට සුදුසු නිවසක් සකස් කරගැනීම සඳහා අවශ්‍ය පළමු අදියරේ මූල්‍ය ප්‍රදානය ද එහිදී සිදුවිය.
ඇමතිවරයාගේ ඉල්ලීම පරිදි “ඔබ වෙනුවෙන් අප” සංවිධානය ඒ සඳහා සඳහා මූල්‍ය අනුග්‍රහය සපයන ලදී. ඊට අමතරව මෙම පවුලේ බාල දරුවාගේ අධ්‍යාපන කටයුතූ සඳහාද පූර්ණ කාලීන ශිෂ්‍යත්වයක් ප්‍රදානය කිරීමට ද කටයුතු කළේය.