(කොළඹ, ලංකාපුවත්) – අම්පාර, සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් නෞකාවක ගින්නක් හටගෙන තිබේ.
“MT නිව් ඩයමන්ඩ්” නම් මෙම නෞකාවේ සේවයේ යෙදී සිටිය කාර්ය මණ්ඩලය බේරා ගැනීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන තිබෙන බවෙ නාවික හමුදාව පැවසීය.
මෙම නෞකාව පැනමාවට අයත් වන අතර එය ඉන්දියාව බලා යමින් සිටිය බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එහි කාර්ය මණ්ඩලයේ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ‘බීච්ක්රොෆ්ට්’ යොදවා තිබේ. “MT නිව් ඩයමන්ඩ්” බොරතෙල් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 19 දෙනෙකු බේරාගෙන ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසීය.
එසේම නාවික හමුදා ප්‍රකාශකවරයා පවසන්නේ නාවික හමුදාවේ නෞකා 03ක් ද මේ සදහා පිටත්කර යවා ඇති බවය.