රජයේ ප්‍රධාන තනතුරුවල සිටින ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන්ට චෝදනා නෑ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජය විසින් රාජ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරු සඳහා පත් කළ ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන්ට සාධනීයව ඔප්පුවූ චෝදනාවන් කිසිවක් නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඉතා විශිෂ්ට සේවයක් කර හමුදා සේවයේ ධුර කාලය වසර 55 ට පෙර අවසන් කරන ලද නිළධාරීන්ගේ පසුබිම සළකා බලමින් ඔවුන්ට සාධාරණයක් ලබා දීම අරමුණින් යුතුව රජයේ පවත්නා සාමාන්‍ය ක්‍රමවේදය තුළ ඔවුන්ට මේ තනතුරු ලබා දීමට කටයුතු කළ බවත්,එම නිළධාරීන් හට කිසිඳු සාධනීය චෝදනා කිසිවක් එල්ල වී නොමැති බව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රි ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉතාමත් පැහැදිළි පිළිතුරක් ලබා දී ඇති බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45 වන සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරිය දැඩි ලෙස විවේචනය කරන ලද ශ්‍රී ලංකා රජය විසින් රාජ්‍ය ආයතන වල ප්‍රධාන තනතුරු සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අද (17) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *