(කොළඹ, ලංකාපුවත්) –දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9937ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙම පොකුරේ පළමු රෝගියා වාර්තා වූයේ පසුගිය ඔක්තෝබර් 03 වනදාය.
ඒ අනුව දින 35ක වැනි කෙටි කාලයක් තුළ මෙසේ මෙම පොකුරෙන් ආසාදිතයින් 9937ක් වාර්තා වී ඇත.
මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13,419ක් වේ.