ඉන්දීය ආරක්ෂක උපදේශක ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ඇතුළු එරට රජයේ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සාගර ආරක්ෂාව පිළිබඳව 4 වන මට්ටමේ උපදේශක රැස්වීමකට සහභාගී වීම සදහා අද (27) මෙරටට පැමිණ තිබේ.

ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සමග එරට ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 05 දෙනෙකු එසේ පැමිණ ඇතැයි සදහන්වේ.

සාගර ආරක්ෂාව පිළිබඳ එම සමුළුව මෙම නොවැම්බර් මස 27 දින සිට 28 දින දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම සංචාරය තුළදී අජිත් දොවාල් මහතා සහ මරියා අහමඩ් මහත්මිය, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවීමට නියමිත බව ද හින්දු පුවත්පත වාර්තා කර ඇත.

මෙම වසර තුළදී ඉන්දීය ජාතික ආරක්ෂක ප්‍රධානියා ලංකාවට පැමිණෙන දෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහු පසුගිය ජනවාරි මාසයේදීද ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *