(කොළඹ, ලංකාපුවත්) –පෘථිවි ගෝලය සුන්දර කරනු වස් මහී කාන්තාව බිහිකළ දායාද ලෙස කඳු හැදින්විය හැකිය. එහෙත් මෙම කඳු ඔබට අවශ්‍ය ආහාර, ජලය, විනෝදාස්වාදය ඇතුළු අවශ්‍යතා රැසක් ලබා දෙන බව ඔබ දන්නවාද?
කඳු සහ අප අතර ඇති සබඳතාව වෙන් කළ නොහැකි තරම්ය. කඳු වැටි මානව වර්ගයාගේ පැවැත්මට දක්වන නොබිදිය හැකි දායකත්වය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කඳු ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒවා පිළිබඳ අවබෝධය ලබා දීම සඳහා දෙසැම්බර් 11 වනදා ලෝක කඳුකර දිනය ලෙස නම් කර තිබේ.
එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් පාරිසරික හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ න්‍යාය පත්‍රය 21 හි ක්‍රියාකාරී සැලැස්මේ කොටසක් ලෙස 1992 දී සම්මත කරන ලද “බිඳෙන සුලු පරිසර පද්ධති කළමනාකරණය, තිරසාර කඳුකර සංවර්ධනය” ලේඛනයේ ජාත්‍යන්තර කඳුකර දිනයට මග හෙලි කලේය.
කඳුකරයේ වැදගත්කම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය 2002 කඳුකර වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කළේය. ජාත්‍යන්තර දිනය සමරනු ලැබුවේ 2003 වර්ෂයේ සිට වීම විශේෂිතය.
එදින පටන් අද දක්වා ලොව පුරා විවිධ රටවල් මෙම දිනය සමරමින් දෙසැම්බර් මාසය පුරා විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලබයි. ඒ අනුව කඳු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, කඳු ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු කිරීම, කඳුකර ප්‍රදේශ සංචාරක වශයෙන් ප්‍රචලිත කිරීම, කඳු තරණය, පරිසරය සුරැකීමේ වැඩසටහන් සංවිධානය කිරීම විශේෂිතයි.
ජාත්‍යන්තර කඳු කර දිනය සැමරීම වස් ලෝක සංවිධාන කඳු මූලික කර ගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවනු පසුගිය කඳුකර දින සැමරීම්වලින් දක්‌නට ලැබිණි. මෙහිදී අපට වැදගත් වන අපේ රටේ කඳුකර ප්‍රදේශ මූලික කරගනිමින් ශ්‍රී ලංකාවේ කඳු සුරකීම අරමුණු කරගනිමින් ජාත්‍යන්තර කඳුකර දිනය සැමරීම සඳහා ක්‍රියාත්මක වන සංවිධානයක් තිබීමද අප රටට මහත් ආඩම්බරයකි.
අප රටට ජාතික කඳුකර දින සැමරුමක් හදුන්වා දෙමින් අඛණ්ඩව වසර 10ක් සැමරුම් සිදුකරමින් කඳුකරය ආරක්ෂා කිරීමට කැපවු “ප්‍රභව පරිසර සංවිධානය ජාත්‍යන්තර කඳුකර දිනය 2010 වසරේ දී ඌව පළාතේ බදුලු දිසාවේ හපුතලේ කන්ද තරණය කිරීම මගින් ආරම්භ කිරීම මෙරට ඉතිහාසයේ කඳු ආරක්ෂා කිරීම සඳහා ගත් ස්වර්ණමය පියවරකි.
එලෙස මෙරට පළමු කඳුකර දින සැමරුම පැවැත්වු හපුතලේ කඳු මුදුනේ ඇති දර්ශණිය නැරඹුම් ස්ථානය, ප්‍රභව ජාත්‍යන්තර කඳුකර දින සැමරම් ස්ථානය ලෙස නම්කර තිබිමත්, එය මේ වන විට දෙස් විදෙස් පරිසර හිතකාමි සංචාරකයින්ගේ ගෞරවයට පාත්‍රවු ස්ථානයක් වි තිබිමත් විශේෂිතය.
ජාත්‍යන්තර කඳුකර දින සැමරුමක් ශ්‍රී ලංකාවට හදුන්වා දුන් ප්‍රභව සංවිධානයේ ප්‍රධානියා ලෙසත්, ඊට පුරෝගාමි වු පුද්ගලයා ලෙසත්, මුළු දිවයිනටම සාම විනිසුරු මාධ්‍යවේදි අසංක ප්‍රභාත් රත්නායක මහතා හැදින්වීමට පුළුවන් .ඔහුගෙන් අප සමග මෙලෙස අදහස් දැක්වූවා.
“ කඳුකර දින සැමරුමක් ශ්‍රී ලංකාවට හදුන් දි මේ වන විට වසර 10 ක් වෙනවා. ලෝකයට හදුන්වා දි වසර 18 ක් වෙනවා.. මම මුලින්ම කඳුකර දින සැමරුම පිළිබඳව අපේ සංවිධානයේ ලේකම් ලෙස කටයුතු කල රංජිත් කුමාර කාරමේගම් සහෝදරයාට කිව්වා ඔහුගේ මග පෙන්වීම හා අනෙකුත් සමාජිකයින්ගේ ශක්තිය මත තමයි මේ තරම් දුරක් කඳු හා පරිසරය සමග අපට එන්න හැකිවුනෙ. ඇත්තටම අපට හරිම සතුටුයි කඳුකරයේ ඉපදුන තරුණයන් හැටියට මෙම සැමරුම අපේ රටට හදුන්වා දි කඳුවලට, පරිසරයට ඇත්තටම ආදරය කරන රැල්ලක් ගොඩනගන්න හැකිවීම ගැන.
අපේ රට කඳු වලින් පොහොසත්, මධ්‍යම කඳුකරයේ සිට හැම පැත්තටම වගේ කඳු විහිදිලා තියෙනවා…වැඩි ප්‍රමාණයක් ජනාවාස ආසන්නයේ කඳු තියෙනවා..එත් කඳු ආසන්නයෙ ජිවත් වන බහුතර පිරිසක් කඳු දැක්කේ දුකක් ලෙස…ඹවුන්ට කඳු විදෙව්වා මිසක් වින්දේ නැහැ… ඔවුනගේ එදිනෙදා ජිවිතය ගෙනයාමේදි කඳු දැක්කේ බාදාවක් විදිහට.. කන්දට ගියේ දර ගෙන්න, හරකා බාන ගෙන්න, කඳු නිසා මාර්ග අපහසුව දැනුනා ඒ වගේ වැඩ වලට ගිහින් බහුතරයකට කඳුවල සුන්දරත්වය විදින්න බැරිවුනා.. අපට ඔන උනේ කඳු විදවපු මිනිස්සුන්ට කඳුවල පරිසරය විදල තම ජිවිතය විදින ගමන් කඳුකර පරිසරයට ආදරය කරන්න කියා දෙන්න.
හැබැයි අපි අතිතයේ ඉදලම කඳු පරිසරය භක්තියෙන් විදපු තැනක් තියේනවා. එ් තමයි සමනල කන්ද, ගෞතම ශ්‍රී පාදය වදින්න, කාලේකට පමණයි ගියේ අනික් කාලේ පරිසරයට ඉඩ දුන්නා.. ශ්‍රී පාද වන්දනාවේ ගිහින් අපුවාම අවුරුද්ද පුරාවටම ඒ සුවදායි
අද වන විට කඳු කර දිනය පිළිබඳව සමාජය අතර කථා බහක් ඇතිවි තිබෙනවා…. අද වන විට කඳු පරිසරය විදින්න, කඳු පිළිබඳව කරුනු සෙයන්න තරුණ පරපුර විශාල උනන්දුවක් දක්වනවා..කවදාවත් සංචාරය නොකල කඳුවල පවා සංචාරය කරණවා. කුඩාරම් ගසා කඳුවල රාත්‍රි ගත කිරීම විලාසිතාවක් වෙලා.. මේකේ හොද පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. හැබැයි වැඩි හරිය පරිසරයට ආදරය කරන අය ඉන්නේ. ව්‍යාපාරික අරමුණු ඇතිව මෙම කටයුතු කරන අය තමයි වැඩි හරිය පරිසරයට හානි කරන්නේ. එවා පාලනයට අදාල ආයතනවල පවතින නීති ක්‍රියාත්මක කරන්න ඔනි. ඇත්තටම අපි සතුටු වෙනවා කඳුවලට ආදරය කරන, කඳු පරිසරය විදින පිරිසක් බිහිකිරීමට දායක වීම පිළිබඳව.
පරිසරය, කඳු විදින්න ආදරය කරන්න වයස ගැටළුවකුත් නැහැ මගේ ලොකු දුව මාස 06 දි කඳු මුදුනක පැවැති ලෝක කඳුකර දිනය සැමරුමකට සම්බන්ද වුනේ අද දක්වා වසර 07 මෙම සැමරුමට ඇය සහභාගි වනවා. මෙවැනි සැමරුමකට සහභාගිවු කුඩාම සමාජිකාව ඇය එක වාර්තාවක්. අපි කලේ කුඩාකලම පරිසරයට ආදරය කරන්න යොමුකරපු එක දැන් ඇය අපිටත් වඩා කන්දට පරිසරයට ආදරේයි. කුඩා කල සිටම දරුවන් පරිසරයට ආදරය කරන්න යොමුකිරීම වැඩිහිටි ඔබ රටට කරන ලොකුම යුතුකමක් වනවා. අවුරුදු 60 ට වැඩි වැඩිහිටි පිරිසත් අපත් සමග මෙම කඳුකර දින සැමරුම් සඳහා හපුතලේ කන්ද නගිනවා.. එ අතර මගේ අම්මා අප්පච්චිත් ඉන්නවා.. පරිසරය. කඳු විදින්න කාටත් පුළුවන්. “
පසුගිය වසරේ ස්ථාක කිහිපයක අප රටේ කඳුකර දින සැමරුම් ක්‍රියාත්මක කලා. එය තමයි අප ලැබු ජයග්‍රහානය. අද පවතින වසංගත තත්වය තුල කඳුකර දින සැමරැම් විශාලව සැලකෙලි ලෙස පවත්වන්න බැහැ තමයි ඒත් සෞඛ්‍ය මාර්ගොපදේශවලට අනුගමනය වෙමින් කඳු පිලිබඳව ජනතාව දැනුවත් කිරීම කරන්න ඔන, කඳුකරයට ආදරය කරණ පිරිසක් හදන්න අවශ්‍ය වෙනවා. ඒක පරිසරය ආරක්ෂා කිරීමට අවශ්‍යමයි.
ප්‍රභව සංවිධානයේ කැදවුම්කරු රංජිත් කුමාර් කාරමේගම් මහතා කඳුකර දිනය පිළිබඳව අදහස් දක්වමින්
“2020 වර්ෂය සඳහා ලෝක කඳුකර දින තේමාව වන්නේ කඳුකර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම ලෙස නම් කර තිබෙනවා. වර්තමාන පරපුරේ බහුතරය කඳුකර ජෛව විවිධත්වය ආරක්ෂා කිරමින් තම පරිසරය පිරිසිදුව හා ලස්සනට තබාගැනීමට ඉතා උනන්දුවෙන් කටයුතු කරමින් ඉන්නවා.
ලෝක කඳුකර දිනය ශ්‍රීලංකාවට හඳුන්වාදී දශකයක් පිරීම හේතුවෙන් 2019 වසර ලෝක කඳුකර දිනය ශ්‍රීලංකා ඉතිහාසයේ සුවිශේෂී වසරක් ලෙස හැඳින්විය හැකිය. එම සැමරුම 2010 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව වසර 10 සැමරීමට හැකිවීම පිළිබඳව ප්‍රභව පරිසර සංවිධානයේ අපි හදවතින්ම සතුතට පත්වෙනවා. පරිසරය හා සමාජය පිළිබඳව වගකීමක් ඇති ශ්‍රී ලංකික තරුණයින් හැටියට මෙම වසර 10 තුළ කඳුකර ප්‍රදේශයේ සම්පත් ආරක්ෂා කරගැනීම සඳහාවන අපගේ සක්‍රීය දායකත්වය අඛණ්ඩව ලබා දිමට අපට හැකි වුනා.
මධ්‍යම හා ඌව පළාත ඇතුලත් කඳුකර ප්‍රදේශය අප රටේ හදවත ලෙස හැඳින්විය හැකිය. මෙම ප්‍රදේශ වල ස්වභාවික භෞතික සම්පත්වලින් පිරි ඉතරී ඇතත් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් හා ස්වභාවික හේතුන් මතද ආපදාවන්ට ලක්වෙනවා.සැලසුම් සහගත තිරසාර සංවර්ධන ක්‍රියාකාකම් මගින් අපට එම ආපදාවන් අවම කරගැනීමට හැකියාව තියෙනවා. අපි කඳුවලට පරිසරයට අදාරය කරන්න පුරුදුවුනෙත් අපදා අවම කරගන්න පුළුන්.
පරිසරය ගැන හිතන්න, පරිසරය රකින්න පරිසරවේදින් වෙන්න ඔන නැහැ. අපේමුත් ඇතැම් පිරිස් අහනවා අපි පරිසරවේදින්ද කියලා… අපි කියන්නේ නැ කියලා.. අපි සාමාණ්‍ය මිනිස්සු මම හාලිඇල විදාතා සම්පත් මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණ නිලධාරිවරයා ලෙස කටයුතු කරනවා. අසංක නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරි, ලෙස කටයුතු කරන කලිදු බැංකු නිලධාරියෙක්, රෝෂාන් විදුහල්පතිවරයෙක්, ගායාශාන්, දමිත් ඇතුළු බහුතරයක් රජ්‍ය නිලධාරින්, අපි සියළු දෙනාම අධ්‍යාපනය හදාරන කාලේ තමයි මේ සංවිධානය ආරම්භ කලේ වසර 20 පමන පෙර. එදා සිට අද දක්වා අපට හැකි පමණින් කාලය ශ්‍රමය, මුදල් යොදවලා කඳුකරයෙ පරිසර ආරක්ෂාවට වැඩ කරනවා… හැබැයි මෙක අපේ රැකියාව නෙවෙයි. අපේ ජිවිතයත් නෙවෙයි…මෙක අනිකුත් රාජකාරි ,ගෙදර දෙරේ වැඩ කරන අතර ජිවිතයෙ කොටසක් කරගන වැඩ කරනවා. පරිසරය ආරක්ෂා කරන්න පරිසර වේදින් වෙන්න ඹන නැහැ.
එ වගේම තමයි අපි වසර 10 පුරාවට කඳුකර දින සැමරුම හා කඳුකරය සුරකිමේ වැඩ කටයුතු සඳහා ශක්තියක් වු පිරිස අති විශාලයි.. එ අතර හපුතලේ නගරාධිපති සම්පත් ළමාහේවා, උපුල් දිසානායක, සහකාර බලදක්ෂ කොමසාරිස් රාජා අනන්ද, වෛද්‍යවරයා සගරාවේ ප්‍රධාන කර්තෘ භාරත ගුණතිලක, ශර්වුඩි වතුයායේ ප්‍රධාන කේෂත්‍ර නිලධාරි අනුර ශාන්ත, ගයාශන්, දිනුක, සචිත්‍ර, දමිත්, කමල්, රාජා, චමිලා, හර්ෂා, ගයාත්‍රි, මධුභාෂනි,කවිදු ඇතුළු පිරිස මතක් කල යුතුයි කියලා හිතුනා.
කඳුකර දිනය ලංකාවට හදුන්වා දීමට පුරෝගාමි වු සංවිධානය ලෙස අපි ඉල්ලා සිටිනවා අර්තාන්විත පරිසරයට ආදරය කරන සැමරුම් සෑම කඳු සහිත ප්‍රදේශයකම තියන්න කියලා.. එවිට අපට යහපත් පරිසරයක්, ස්භාවික අපදාවලින් තොර වටපිටාවක්, හොද සෞඛ්‍ය තත්වයක්, ප්‍රිතිමත් ජිවිතයක් ලැබේයි.
(දෙසැම්බර් 11 දිනට යෙදෙන ජාත්‍යන්තර කඳුකර දිනය වෙනුවෙනි.)