(කොළඹ, ලංකාපුවත්) –ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන්ට කොවිඩ් වෛරසය වැළඳී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
42 හැවිරිදි ඔහු මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව එල්සි මාළිගය නිවේදනය කළේය.
කෙසේ වෙතත් දුරස්ථව සිය කාර්යාල කටයුතු පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි සදහන් වේ.
ප්‍රංශය තුළ කොවිඩ් ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ එරට තුළ රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැණවීමටද මෙම සතියේදී පියවර ගැණුනි.