(කොළඹ, ලංකාපුවත්) –ත්‍රීරෝද රථ රියදුරන්ව කඩිනමින් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය ඉල්ලා සිටියි.
ජනතාව සමග වැඩි කාලයක් සබඳතා පවත්වන පිරිසක් මෙම කර්මාන්තයේ යෙදී සිටින බැවින් මෙම ඉල්ලීම සිදුකරන බව එම සංගමයේ ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.
මේ වනවිටත් එම කර්මාන්තයේ යෙදෙන පිරිසක් කොවිඩ් වසංගතයට ගොඳුරු වී රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් අහඹු PCR පරීක්ෂණ පවත්වා හෝ ත්‍රීරෝද රථ රියදුරන් මෙම තත්ත්වයෙන් මුදවාගන්නා ලෙසත් ඔහු වැඩිදුරටත් පැවසීය.