(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රිඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරදි වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පිලිගෙන ඇත.
නව ඉරියව්වට අදාළ වීඩියෝ දර්ශන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය 22 වන දා ජගත් ක්‍රිකට් කවුන්සිලයට භාර දී තිබූණි.
ඒවා නැරඹීමෙන් පසු තීරණය වී ඇත්තේ ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්මත අංශක 15 සීමාව තුළ පවතින බවය.
ඒ අනුව ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලට සහභාගී වීමට අවසර හිමිව ඇත.