(කොළඹ, ලංකාපුවත්) – අද (25) උදෑසන 06.00 සිට හුදකලා තත්ත්වයන් ප්‍රදේශ කිහිපයක ඉවත්කිරීම සහ තවත් ප්‍රදේශ කිහිපයක අලුතින් පැනවීම සිදුකරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
ඒ අනුව අද උදෑසන 6 සිට පහත ප්‍රදේශ හුදකලා කෙරෙනු ඇත.
01. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක140 – බෝලාන දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි මැක්කොණිය ගම්මානය.
02. පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාමනිලධාරී වසම්.
මේ අතර, අද උදෑසන 6 සිට හුදකලා බව ඉවත් කරනු ලබන ප්‍රදේශ කිහිපයක් පහතින් දැක්වේ.
01. කල්මුනේ උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසය
කල්මුනේ 1C
කල්මුනේ 1E
කල්මුනේ 2
කල්මුනේ 2A
කල්මුනේ 2B
කල්මුනේ 3A
02.කල්මුනේ දකුණ ග්‍රාමනිලධාරී කොට්ඨාසය
කල්මුනේ 01 (M.D)
කල්මුනේ කූඩි 01
කල්මුනේ කූඩි 02
කල්මුනේ 03 (M.D)