කොවිඩ් ආසාදිතව සිටි වෛද්‍ය ගයාන් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් 19 වෛරසය ආසාදිතව ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා අද(02) අලුයම මිය ගොස් ඇත.

මෙරට තුළ කොවිඩ් වෛරසය හේතුවෙන් වෛද්‍යවරයෙකු මියගිය පළමු අවස්ථාව ලෙස මෙම මරණය සැළකේ. ඔහු රාගම ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකි.

මිය යන විට ඒ මහතා 31වැනි වියෙහි පසුවිය.

මෙම වෛද්‍යවරයා වෛරසය ආසාදනය වීමෙන් පසුව කොළඹ IDH රෝහලට ඇතුළත් කෙරිණි. ඔහු දැඩිලෙස අසාධ්‍ය තත්වයට පත්වීම හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ අතර එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *