තවත් කොවිඩ් මරණ 05ක්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වී ඇතැයි ඊයේ(07) දවසේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 356ක් දක්වා ඉහළ යයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි කාන්තාවක්, වක්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවක්, වැලිමඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවක්, පමුණුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි කාන්තාවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *