රජපවුල අතහැරීමට තීරණය කල හැරී – මේගන් හෙලිකරන කතාව

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යය රජපවුලෙන් වෙන්ව සිටීමට තීරණය කර ඇති හැරී කුමරු සහ මේගන් මේ වන විට ජීවත් වන්නේ අමෙරිකාවේ ය.

ඔවුන් දෙපළ සහ බ්‍රිතාන්‍ය කිරීටය සම්බන්ධයෙන් යම් ගැටලු මතුවූ බව සඳහන් වුවත් ඒවා රජ මාළිගයෙන් පිටතට නොපැමිණි රහස් බවට පත්ව තිබිණි.

කෙසේ වෙතත් හැරී කුමරුගේ බිරිඳ එවක මේගන් කුමරිය තමන්ට විඳින්නට සිදුවූ මානසික ගැහැට සියල්ල හෙළි කළේ ඔපෙරා වින්ෆ්‍රී සමග පසුගියදා සිදුකළ රූපවාහිනී සංවාදයකදී ය.

මේගන්, කළු පැහැ මවකට හා සුදු ජාතික පියෙකුට දාව බිහිවූ තැනැත්තියක වූ අතර එම සමාජ තත්ත්වය විවාහයෙන් පසුව රජපවුලේ කණස්සල්ලට හේතුවී තිබූ බව ඇය කියයි.

“ඔවුන් මගේ දරුවා උපදින්න ඉන්න කොට ඔහුගේ සමේ පාට කුමක් වේවිද යන්න පවා ප්‍රශ්න කළා. මම ඒ බොහෝ අවස්ථාවලදී නිහඬ උණා. නිහඬ උණා නෙමෙයි එහෙම ඉන්න වුනා ”

“මගේ පුතා ආචි ට රජ පෙළපත ලබා නොදෙන බවටත් ඔවුන් අවස්ථා ගණනකදී ඉඟි කළා”

“ඒ කවුද කියා කියන්න මට බැහැ” එලෙස කතාකල අය ගැන කල විමසීමකදී ඇය පිළිවදන් දිණි.

“මම මගේ මිත්තණියට (එළිසබෙත් මහරැජණ) තුන් වතාවකුත් ,පියා (චාල්ස් කුමරු)ට දෙවතාවකුත් මේ ගැන කතාකළා. දැන් මම ඒ අය එක්ක කතාබහ නවත්වලා තියෙන්නෙ. අවසන් වරට කතාකල විට මගේ පියා කීවේ සියල්ල ලියා දන්වන ලෙසයි”

හැරී කුමරු සංවාදයට එක් වෙමින් එලෙස පවසා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *