(කොළඹ, ලංකාපුවත්) – අප්‍රේල් මස 04වනදා පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල් ශ්‍රේණි විභාගය එදිනට නොපැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සදහන් කරයි.
ඒ අනුව දහම් පාසල් ශ්‍රේණි විභාගය මැය මස 09වනදා දිවයින පුරා පැවැත්වීමට නියමිතය.
මේ අතර බස්නාහිර පළාතේ බෞද්ධ දහම් පාසල් අප්‍රේල් මස 25වනදා ආරම්භ කිරීමට සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ දී එකඟතාවය ඇතිව තීරණය කර ඇත.
බස්නාහිර පළාතේ සියලුම ශ්‍රේණි සදහා පාසල් විවෘත වන්නේ අප්‍රේල් මස 19වනදාය.ඊට අනුව මෙම තීරණය ගෙන ඇත.
බස්නාහිර පළාතේ බෞද්ධ දහම් පාසල් 2026ක් ක්‍රියාත්මක වේ.