(කොළඹ, ලංකාපුවත්) – මහනුවර හා කොළඹ වායු දූෂණය, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත මට්ටම් පවා ඉක්මවා ගොස් ඇතැයි පරිසර අමත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
වායු දූෂණයෙන් සියයට 65කටම වගකිව යුත්තේ වාහනවලින් නිකුත් කරන දුම්වන අතර කොළඹ නගරයේ හා මහනුවර දිස්ත්‍රික්කය මෙන්ම කුරුණෑගල හා ගාල්ල නගර සීමාවල ද තත්ත්වය දැන් ක්‍රමයෙන් නරක අතට හැරෙමින් පවතින බවද ඇමැතිවරයා කියයි.
ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ අද(23) පෙරවරුවේ පැවැති ,ශ්‍රීලංකා වෛද්‍ය සභාව විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි.
කොළඹ හා මහනුවර නගර බල සීමා හැරුණු කොට අප රටේ සෙසු ප්‍රදේශ සියල්ලම වායු දූෂණයෙන් තවමත් අවම මට්ටමක පවතින බව පැවැසූ ඇමැතිවරයා පෙන්වා දුන්නේ කොවිඩ් වසංගතය මෙරටින් තුරන් වුවද කොළඹ මහනුවර වැනි ප්‍රදේශවල දරුවන් හා වැඩිහිටියන්ට මුව ආවරණ පැළඳ සිටිය යුතු තත්ත්වයක් උද්ගත වෙමින් පවතින බවයි.