බස්නාහිර පෙරපාසල් මාර්තු 29වැනිදා අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –බස්නාහිර පළාතේ සියලූම පෙරපාසල් එළඹෙන මාර්තු මස 29 වන දින ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *