යාපනය නගරාධිපති අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

යුද සමයේ දී එල්.ටී.ටී.ඊ පොලිස් නිලධාරීන් යැයි පැවසෙන පුද්ගලයින් භාවිත කළ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයින් 05 දෙනෙකු යාපනය නගරය ආසන්න ප්‍රදේශයක රාජකාරී කටයුතු සඳහා යොදාගැනීම තුළින් එම සංවිධානය ප්‍රවර්ධනයට අනුබලදීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අද (09) අලුයම අත්අඩංගුවට ගත් නගරාධිපතිවරයා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *