(කොළඹ, ලංකාපුවත්) – තම සන්තතයේ තිබෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 60ක් වෙනත් රටවල් සමග බෙදා හදා ගැනීමට අමෙරිකාව තීරණය කර තිබේ.
ධවල මන්දිරය සඳහන් කරන්නේ එම ප්‍රමාණය ලබාදීමට හැකිවූ වහාම වෙනත් රටවල් වලට අපනයනය කිරීමට සූදානම් බවයි.
එරට ෆෙඩරල් ආරක්ෂණ ක්‍රමවේද අවසන් වූ වහාම ඉදිරි මාස කිහිපය තුළ එම එන්නත් මාත්‍රා කෝටි හය අපනයන කරන බව ධවල මන්දිරය සඳහන් කරයි.
පසුගිය මාසයේ අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කර සිටියේ මෙක්සිකෝවට සහ කැනඩාවට එන්නත් මාත්‍රා ලක්ෂ හතළිහක් ලබාදීමට සූදානම් බවයි.