(කොළඹ, ලංකාපුවත්) – ශ්රී ලංකා මලල ක්රීඩක යුපුන් අබේකෝන් ජර්මනියේ පැවති තරගාවලියකට සහභාගීවෙමින් මීටර් 100 ඉසව්වෙන් තත්පර 10.09 දක්ෂතාවක් දැක්වීමට සමත්විය.
සුළඟේ වේගය +2.2 ලෙස සටහන් වීම හේතුවෙන් මෙය ශ්රී ලංකා වාර්තාවක් ලෙස සැලකෙන්නේ නැහැ. මෙය ඕනෑම තත්ත්වයක් යටතේ ශ්රී ලංකා ක්රීඩකයෙකු දැක්වූ වේගවත්ම කාලය ද වෙයි.
යුපුන්ගේ ඉලක්කය තත්පර 10.05 ක් වූ ඔලිම්පික් පරිසාධන මට්ටම පසුකරමින් ටෝකියෝ නුවර මෙවර පැවැත්වෙන ඔලිම්පික් ක්රීඩා උළෙලට සුදුසුකම් ලැබීමයි.