(කොළඹ, ලංකාපුවත්) – පෙර පාසල් ගුරුවරුන් සදහා වන “පෙර පාසල් ගුරු අභිමානී” පළමු අදියරේ රුපියල් 2500ක දීමනාව ජුනි මස 01වන දින සිට ලබා දෙන බව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.
අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අමාතයවරයා මේ බව පැවසීය.
“පෙර පාසල් ගුරු අභිමානී” දීමනාව ලබා දීම මෙන්ම පෙර පාසල් ක්ෂේත්රය සදහා අමාත්‍යාංශයක් පිහිටවීම, පෙර පාසල් විෂය පථය විධිමත් කරමින් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, භෞතික සම්පත් වලින් සපිරි “සෞහාග්යයේ පෙර පාසල” නිර්මාණය කිරීම, අවම පහසුකම් සහිත පෙර පාසල් සංවර්ධනය සදහා ලක්ෂ හයක ප්‍රතිපාදන ලබාදීම, සියලු පෙර පාසල් සඳහා සනීපාරක්ෂක උපකරණ ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ආදී වූ සියල්ල කෙටි කාලයක් ඇතුලත පෙර පාසල් ක්ෂේත්රය ලබාගත් විශාල ජයග්රහණයන් බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා මෙම සියළු කටයුතු ජුනි මාසයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ප්‍රකාශ කෙරිණ.
එමෙන්ම පෙර පාසල් දරුවන් පිලිබඳව ද විශේෂ අවධානයක් යොමු කරමින් පෙර පාසලේ සිට ප්‍රාථමික අධ්‍යාපනය දක්වා රූපවාහිනී නාලිකාවක් මගින් අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළක්ද මේ වන විට සකස්වෙමින් පවතින බව ඇමතිවරයා සදහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයේ හා පොදුජන පෙරමුණ වෘත්තීය සමිති මගින් කල ඉල්ලීම් වලට සවන්දෙමින් මෙම “පෙර පාසල් ගුරු අභිමානී” දීමනාව ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති තුමාටත්, ගමැතිතුමාටත්, අධ්‍යාපන ඇමැතිතුමන්ටත්, ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මැතිතුමන්ටත් සිය ප්‍රණාමය පුද කරන බව සඳහන් කළේය.