යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 48ක්

(කොළඹ, ලංකාපුවත්) –එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ බලපෑම හමුවේ මැයි මාසයේ සිට පීඩාවට පත් පාර්ශව වෙත සහන සැලසීම සඳහා යුරෝපා සංගමය යුරෝ ලක්ෂ දෙකක් හෙවත් රුපියල් මිලියන 48 කට වැඩි මුදලක් පිරිනැමීමට තීරණය කර තිබේ.

ධීවර ප්‍රජාවට මූල්‍ය සහන සැලසීම, වෙරළ තීරයන්ගේ ගොඩ ගැසී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම මෙන්ම පවුල්වලට ප්‍රතිලාභ සැපයීම සඳහා එම ප්‍රතිපාදන වෙන්වන බව යුරෝපා සංගමය නිවේදනය කලේය.

කොළඹ, ගම්පහ, ගාල්ල, කලුතර, පුත්තලම සහ මාතර දිස්ත්‍රික්වල පුද්ගලයන් 15,000 පමණ එමගින් ප්‍රතිලාභ සැලසෙනු ඇත.

ආපදා සහන හදිසි අරමුදල යටතේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සම්බන්ධීකරණය යටතේ මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මකයි.

එසේම බස්නාහිර වෙරළ තීරය පිරිසිදු කිරීමට පළාත් පාලන ආයතනවලට සහාය වීම කෙරෙහි ද මෙම ආධාර මුදල් යෙදවීමට අවධානය යොමු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *