(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාබනික පොහොර වැඩසටහනට සමගාමීව දිවයින පුරා කුඩා කාබනික හෝ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදකයින් 15,000 ක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ඊයේ(03) අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අංක 580 තුලානේ, වෙල්ලාරගම ගම්මානයේදි කාබනික පොහොර නිෂ්පාදක ව්‍යවසායකයින් බිහිකිරීමේ සමාරම්භක කටයුතු සමෘද්ධි රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මුළු දිවයිනම ආවරණය වන පරිදි එක් ග්‍රාම සේවා වසමකින් අවමය ලෙස එක් ප්‍රතිලාභියෙක් හෝ තෝරා ගෙන මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවත්, වස විසෙන් තොර ආහාර ජනතාවට ලබා දීම මෙහි ප්‍රධාන පරමාර්ථය බවත්, එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතිය ආරම්භ කල එච්.සලමන් මහතාගේ ව්‍යාපෘති භූමිය වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත වු රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සමෘද්ධි සෞභ්‍යා වැඩසටහන යටතේ රුපියල් 50,000 ක ව්‍යාපෘති උපකරණ ලබා දීම සදහා හිමිකම් පත්‍ර ප්‍රධානය කිරීමක්ද සිදු කළේය.
කුඹුරු සහ ගොඩ බෝග අක්කර 400 කට ආසන්න භූමි ප්‍රමාණයකට උරුමකම් කියන වෙල්ලාරගම ගම්මානයේ එච්.සලමන් මහතාගේ කොම්පෝස්ට් ව්‍යාපෘතිය සඳහා පිදුරු, ගොම, ජපන් ජබර, ඇල්බීසියා, මානා, කෙසෙල් කොට සහ සැල්වීනියා භාවිතයෙන් සිදු කරයි. ඒ තුලින් මසක් තුළ නිෂ්පාදනය කිරිමට අපේක්ෂා කරනු ලබන කොම්පෝස්ට් ප්‍රමාණය කිලෝ දසදහසක් බව එච්.සලමන් මහතා කියයි.
මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් සමෘර්ධි අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ. වසන්ත මහතා, සහකාර අධ්‍යක්ෂක මහින්ද වීරකෝන් මහතා , මිහින්තලය ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා, ප්‍රාදේශීය සභාවේ සභාපති ලාල් සෙනවිරත්න මහතා සහභාගි වූහ.
ඡායා රූප ඊ මේල් කර ඇත.