(කොළඹ, ලංකාපුවත්) – තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද (04) අලුයම කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලින් දිවයිනට රැගෙනවිත් තිබේ.
චීනයේ බීජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ. එල්. 869 දරණ ගුවන් යානයෙන් එම එන්නත් තොගය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත රැගෙනවිත් ඇත.
මෙය ශ්‍රී ලංකාව මුදල් ගෙවා ලබාගත් සිව්වැනි කොවිඩ් එන්නත් තොගය වේ.